දවල් කෑමට පෙර ශ‍්‍රී ලංකාව 366/5යි.
2012 ජූනි 23 සෙනසුරාදා- පස්වරු 12:45
සංචාරක පාකිස්තාන පිළ සහ ශ‍්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙවැනි දිනය අදයි. ඊයේ (22) දිනය අවසන දී කඩුලූ 2ක් දැවී ලකුණු 300ක් රැස් කරගෙන සිටි ශ‍්‍රී ලංකා පිළ අද (23) දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට කඩුලූ 5ක් දැවී ලකුණු 366ක් රැස් කරගෙන සිටිනවා. මහේල ජයවර්ධන අද (23) උදෑසන පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 62කටයි. තිලාන් සමරවීර ලකුණු 6කට දැවී ගිය අතර, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා දැවී ගියා. කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 139 යි. ශ‍්‍රී ලංකා පිළේ මුල් කඩුලූ 5ම ලබා ගත්තේ පාකිස්තානු දග පන්දු යවන ක‍්‍රීඩක සයිඞ් අජ්මාල්.
