පාකිස්තානයේ කෙනෙහිලි ගැන ඇමරිකාවේ කණස්සල්ල.
2012 ජූනි 23 සෙනසුරාදා- පස්වරු 08:25
පාකිස්තානය තුළදී තම රාජ්‍ය තාන්ති‍්‍රකයන්ට විවිධ කෙනෙහිලිකම් සිදුවන බව ඇමරිකාව ප‍්‍රකාශ කරනවා. තානාපතිවරුන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ට සිය රාජකාරී කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරන්නේ. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ඇමරිකානු සහ පාකිස්තාන බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවද රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා. නේටෝ ගුවන් ප‍්‍රහාරයකින් පසුගිය වසරේදී පාකිස්තාන සෙබළුන් පිරිසක් මියයාම සහ ඔසාමා බින් ලාඞ්න් ඝාතනය කිරීම සඳහා ඇමරිකානු හමුදා සිදුකළ රහසිගත මෙහෙයුම නිසා දෙරට අතර සබඳතා බිඳ වැටුණා. එම තත්ත්වයෙන් පසු රාජ්‍ය තාන්ති‍්‍රකයන්ට මෙවැනි අර්බුදයකට මුහුණදීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
