මෙරට තරුණ තරුණියන්ට ජාත්‍යන්තර වෘත්තීය පාඨමාලා.
2012 ජූනි 24 ඉරිදා- පෙරවරු 08:03
හෝටල් සහ සංචාරක ක්ෂේත‍්‍රයේ විදේශ රැකියා සඳහා මෙරට තරුණ තරුණියන්ට අවස්ථා ලබාදීමට ජාත්‍යන්තර වෘත්තීය පාඨමාලා අරඹන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි සභාපති අමල් සේනාලංකාධිකාර සඳහන් කළේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ අධිකාරිය, ජාත්‍යන්තර හෝටල් පාසල සහ වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව මෙම පාඨමාලා ආරම්භ කරනු ඇති බවයි. හෝටල් සහ සංචාරක ක්ෂේත‍්‍රයේ රැකියා කොපමණ පවතින්නේදැයි සොයාබැලීම සඳහා ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානය සමග එක්ව පර්යේෂණයක්ද ආරම්භ කර තිබෙනවා. 2011 වසරේදී වෘත්තීමය රැකියාවන් සඳහා 75700 ක් විදේශගතව ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සඳහන් කළේ. ඉන් පිරිමි ශ‍්‍රමිකයන් 68458 දෙනෙකු වන අතර කාන්තාවන් 7242 ක් වනවා. මැද පෙරදිග කලාපයේ රටවල් අතර වෘත්තීමය රැකියා බහුලව පවතින්නේ දෝහා කටාර් රාජ්‍යයේයි.
