ප‍්‍රංශය පරදා ස්පාඤ්ඤයට ජය.
2012 ජූනි 24 ඉරිදා- පෙරවරු 08:06
යුරෝපීය පාපන්දු ශූරතා තරඟාවලියේ ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟයකදී ප‍්‍රංශය පරදවා ගෝල 2 ට බින්දුවක ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් වුණා. ස්පාඤ්ඤය විසින් මෑත ඉතිහාසයේ පාපන්දු තරඟාවලියකදී ප‍්‍රංශය පැරදවූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ඊයේ ජය ලැබූ ස්පාඤ්ඤය අර්ධ අවසන් වටයේදී පෘතුගාලය සමග තරඟ වැදීමට නියමිතයි. ග‍්‍රීසිය ගෝල 4 කට දෙකක් ලෙස පැරදවූ ජර්මනිය අර්ධ අවසන් වටය සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටිනවා. ඔවුන්ගේ පිළිමළුන් වන්නේ එංගලන්තය සහ ඉතාලිය අතර අද පැවැත්වෙන අර්ධ අවසන් තරඟයේ ජයග‍්‍රාහී කණ්ඩායමයි.
