ෆැසෙට්ස් 2012 සැප්තැම්බර් 05 ඇරඹේ.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
සපුගස්කන්ද පිරිපහදුව.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-25
ෆැසෙට්ස් 2012 සැප්තැම්බර් 05 ඇරඹේ.
2012 ජූනි 24 ඉරිදා- පස්වරු 01:29



‘‘ෆැසෙට්ස් 2012’’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනය සැප්තැම්බර් 05 වැනිදා සිට 08 වැනිදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේදී  පැවැත්වෙනවා. අඛන්ඩව 22 වන වසරටත් පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය මගින් මෙරට මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට ගැණුම්කරුවන් සොයා ගැනීමේ වැඩි අවස්ථාවක් සැලසෙන බව ෆැසෙට්ස් ශ‍්‍රී ලංකා සභාපති ජුසාර් ඇඩමලී ප‍්‍රකාශ කළා. ශ‍්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙම ප‍්‍රදර්ශනය සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහය හිමිවනවා. ශ‍්‍රී ලංකාවෙන් ඍජුවම මැණික් මිලදී ගැනීමට උනන්දුවක් දක්වන චීනය, රුසියාව සහ ඉන්දියාව යන රටවල් ද ඊට සහභාගි වනු ඇති. මෙවර ප‍්‍රදර්ශනයේ වෙළඳකුටි 154 ක් පමණ දැනටමත් අලෙවි කර අවසන් බවයි සංවිධායකයන් පවසන්නේ. පසුගිය වසරේ පැවති ප‍්‍රදර්ශනය සඳහා 8000 ක් පමණ නරඹන්නන් පැමිණි අතර ඉන් 2000 කට වැඩි පිරිසක් විදේශිකයන්. ශ‍්‍රී ලංකාව මේ වන විට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් පමණ වටිනා මැණික් අපනයනය කරනවා. එය වසර 2015 වන විට ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීම ඉලක්කයයි.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)