පාකිස්ථානයට ලකුණු 372 ක ඉලක්කයක්.
2012 ජූනි 24 ඉරිදා- පස්වරු 01:40
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පකිස්ථානු පළමු ඉනිම ලකුණු 100 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට ස්වල්ප වේලාවක් තිබියදී පාකිස්ථානු කණ්ඩායම ලකුණු 100 කට සියලූ දෙනා දැවී ගියා. ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරාජ් රන්දිව් ලකුණු 13 කට කඩුලූ 4 ක් දවා ගත් අතර රංගන හේරත් ලකුණු 30 කට කඩුලූ 03 ක් දවා ගත්තා. ඒ අනුව, ඉනිමක පරාජයෙන් බේරීම සඳහා පාකිස්ථානයට ලකුණු 372 ක ඉලක්කයක් පවතිනවා. ශ‍්‍රී ලංකාව සිය පළමු ඉනිම නිමා කරනු ලැබුවේ ලකුණු 472කටයි.
