පාකිස්තානයට 510ක ඉලක්කයක්.
2012 ජූනි 24 ඉරිදා- පස්වරු 04:31
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර, පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම අත්හිටුවන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 05ක් දැවී ලකුණු 137ක් ලබා සිටියා. මේ අනුව තරගය ජයග‍්‍රහණය කිරීමට නම් පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිමට ලකුණු 510ක් ලබා ගත යුතු වනවා. සිය පළමු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 472ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට පළමු ඉනිම සදහා ලබා ගත හැකි වූයේ සියලූ දෙනා දැවී ලකුණු 100ක් පමණයි. අනතුරුව දෙවැනි ඉනිම ක‍්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන් ලකුණු 56ක් රැස් කළා.
