පාකිස්තානය අසීරු අඩියක.
2012 ජූනි 24 ඉරිදා- පස්වරු 07:08
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම දිනය නිමා වන විට කඩුලූ 03ක් දැවී ලකුණු 36ක් ලබා සිටියා. ඒ, තරගය ජයග‍්‍රහණය කිරීම සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 510යේ ඉලක්කයට පිළිතුරු ලෙසයි. දිවා භෝජනයට පෙර පාකිස්තාන කණ්ඩායමට සිය පළමු ඉනිම සදහා සියලූ ක‍්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 100ක් පමණයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලූ දෙනා දැවී ලකුණු 472ක් ලබා ගත්තා. අනතුරුව සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 5කට ලකුණු 137ක් ලබා සිටියදී තේ පානයෙන් පසුව ඉනිම අත්හිටවනු ලැබුවා. දෙවැනි ඉනිමේ දී තිලකරත්න ඩිල්ශාන් ලකුණු 56ක් ලබා ගත්තා. ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව් වැනි දිනය හෙටයි.
