චීනයෙන් ඇ. ඩොලර් බිලියන 2.5ක ණයක්.
2012 ජූනි 24 ඉරිදා- පස්වරු 07:10
2007 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 2 යි දශම 5 ක මුදලක් චීනය, ශ‍්‍රී ලංකාවට ණය සහ ආධාර වශයෙන් ලබා දී තිබෙනවා. එම මුදලෙන් සියයට 58 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 4 යි 6 ක මුදලක් ලබා දී ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මහා මාර්ග සහ පාලම් සංවර්ධනය කිරීම සඳහා බව මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තාවේ දැක්වෙනවා. චීනයෙන් ශ‍්‍රී ලංකාවට ලැබුණු මෙම මුදලෙන් බිලියන 2 යි දශම 1 ක මුදලක් ණය වශයෙන් ලබා දී ඇති අතර ප‍්‍රදානයන් ලෙස ලබාදී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 24 ක මුදලක් බව එම වාර්තාවේ තවදුරටත් සඳහන්.
