කහ මුහුදේ යුද අභ්‍යාසයේ දෙවැනි දිනය අදයි.
2012 ජූනි 24 ඉරිදා- පස්වරු 07:15
දකුණු කොරියාව සහ ඇමරිකාව, උතුරු කොරියානු දේශසීමාව ආසන්නයේ ආරම්භ කළ දැවැන්ත යුද අභ්‍යාසයේ දෙවැනි දිනය අදයි. ඒ සඳහා ජීව උණ්ඩ ගැනීම ද විශේෂත්වයක්. උතුරු කොරියාවෙන් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණ දීම සඳහා පෙරහුරුවක් ලෙස මෙම අභ්‍යාසය පැවැත්වූ බවයි දකුණු කොරියාව ප‍්‍රකාශ කළේ. ඒ සඳහා හමුදා සෙබලූන් 8000කට අධික සංඛ්‍යාවක් මෙන්ම ජෙට් ප‍්‍රහාරක යානා, ඇපාචි ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා, ඒ 10 වර්ගයේ යුද ටැංකි නාශක ගුවන් යානා, මිසයිල සහ මල්ටි බැරල් ද යොදා ගැනෙන බව සඳහන්. මතභේදයට හේතු වූ කහ මුහුදේ මෙම අභ්‍යාසය පැවැත්වෙන්නේ කොරියානු යුද්ධයේ 62 වැනි සමරුව නිමිත්තෙන්.
