නෙළුම් අල ගණන්.
2012 ජූනි 25 සඳුදා- පෙරවරු 07:53
වෙළඳපොළ තුළ නෙළුම් අලවලට ඉහළ ඉල්ලූමක් ලැබී ඇතැයි වාර්තාවනවා. නියගයත් සමග රජරට කලාපයේ සිඳී ගිය වැව්වල නෙළුම් අල හෑරීම බහුලව මේ දිනවල සිදුවන බවයි අප වර්තාකරුවන් සඳහන් කරන්නේ. මේ වනවිට වෙළඳපොළේ නෙළුම් අල කිලෝවක මිල රුපියල් 70 ක්. මෙම හේතුව නිසා රජරට කලාපයේ ගොවීන්ගේ අතමිට සරු වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එක් දිනකට එක් ගොවියෙකු විසින් නෙළුම් අල කිලෝග‍්‍රෑම් 20 ක් පමණ හාරනු ලබනවා. මීට පෙර වෙළඳ පොළ තුළ නෙළුම් අල කිලෝවක් අලෙවි වූයේ රුපියල් 20 - 30 ත් අතර මිලකටයි. කොළඹ ප‍්‍රදේශයේ නෙළුම් අල සඳහා දැඩි ඉල්ලූමක්ද පවතින බවයි ආර්ථික මධ්‍යස්ථාන වැඩිදුරටත් සඳහන් කරන්නේ.
