සංක‍්‍රමණිකයන් ගැන ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුවේ විවාදයක්.
2012 ජූනි 25 සඳුදා- පස්වරු 01:21
ඔස්ටේ‍්‍රලියාවට පැමිණෙන නීති විරෝධි සංක‍්‍රමණිකයන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට එරට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කම්කරු පක්ෂය සහ ප‍්‍රධාන විපක්ෂය වන ලිබරල් පක්ෂය තීරණය කර තිබෙනවා. පසුගියදා නීති විරෝධී සංක‍්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ඔස්ටේ‍්‍රලියාවට පැමිණීමේදී නත්තල් දූපත අසල පෙරලීයාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අතර, මැලේසියාව සම`ග සංක‍්‍රමණිකයන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට ඔස්ටේ‍්‍රලියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව, වසරකට ඔස්ටේ‍්‍රලියාවට පැමිණි නීති විරෝධි සංක‍්‍රමණිකයන් 800 ක් මැලේසියාවට භාර දෙන අතර ඒ වෙනුවෙන් මැලේසියානු ජාතිකයින් දහසකට නීත්‍යානුකූලව ඔස්ටේ‍්‍රලියාවට ඇතුළු වීමට අවසර ලබා දෙනු ඇති.
