දූෂණ මර්ධන නීති පිළිපදින්න. අයි.සී.සී
2012 ජූනි 25 සඳුදා- පස්වරු 06:58
ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කිරීමට පෙර අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලනයේ දූෂණ මර්ධන කි‍්‍රයාමාර්ග දේශීය තරගාවලි සඳහා අනුගත කරන ලෙස අන්තර් ජාතික ක‍්‍රිකට් සම්මේලනය දැනුම් දී තිබෙනවා. එහි විධායක කමිටුව විසින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සහ බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය වෙත මෙම දැනුම් දීම කර ඇති බව සඳහන්. දේශීය කි‍්‍රකට් තරගාවලි සඳහා ජාත්‍යන්තර සම්මේලනයේ දූෂණ මර්ධන කි‍්‍රයාමාර්ග පිළිපදින ලෙස එහි ප‍්‍රධාන විධායක හරූන් ලොගාට් මුලින්ම දැනුම් දීමක් කළේ 2010 වසරේ ඔක්තෝම්බර් මාසයේ දීයි. ඒ, ලන්ඩනයේ ලෝඞ්ස් පිටියේ පැවැති එංගලන්ත - පාකිස්තාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී සිදුවූ තරග පාවාදීමේ සිද්ධියකින් අනතුරුවයි.
