ෆ්ලෑෂ්බෑග් සංගීත කණ්ඩායමෙන් අලූත් වැඩක්.
2012 ජූනි 26 අඟහරුවාදා- පෙරවරු 08:50
ෆ්ලෑෂ්බෑග් සංගීත කණ්ඩායම අලුත් වැඩකට ලෑස්ති වෙනවා. සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප‍්‍රනාන්දු සඳහන් කළේ මේ වෙනකොට සංගීත කණ්ඩායම ආරම්භ කරලා වසර 21ක් සම්පූර්ණ වෙනවා කියලයි. ඔහු කිව්වේ රට හැමතැනම සංගීත ප‍්‍රසංගවලට සහභාගි වෙනකොට ගොඩක් අය තමන්ගෙන් අහනවා කියලා සංගීත කණ්ඩායමේ ප‍්‍රසංගයක් තියන්නේ කවද්ද කියලා. ඒකට ටිකක් කාලය හොයා ගන්න අමාරුයි කියලයි ඔහු ප‍්‍රකාශ කළේ. මේ අවුරුද්දේ බැරි වුණොත් ලබන අවුරුද්දේ හරි සංගීත ප‍්‍රසංගයක් තියෙනවයි කියලා රොෂාන් වැඩිදුරටත් අපිට සඳහන් කළා.
