හුදෙකලා ජෝර්ජ්, ගලපාගොස් යෝධ ඉබ්බා මිය යයි.
2012 ජූනි 26 අඟහරුවාදා- පෙරවරු 10:03
චාල්ස් ඩාවින් පරිණාමවාදය පිළිබද සිය සංකල්පය සනාථ කිරීම සඳහා යොදා ගත් ගලපාගොස් දිවයින්හි යෝධ ඉබ්බන්ට අයත් සුවිශේෂී ඉබ්බෙකු ඊයේ (25) මිය ගියා. ගලපාගොස් දිවයින් පෙළේ ලා - පින්ටා දිවයිනට අයත් අවසාන යෝධ ඉබ්බා වන ලෝන්සම් ජෝර්ජ් මිය යන විට වසර 100ක් පමණ වන්නට ඇතැයි සැලකෙනවා. පරිසර සංරක්ෂණයේ සංකේතයක් බවට පත්වූ මෙම යෝධ ඉබ්බා නැරඹීම සඳහා වසරක් පාසා එක්ලක්ෂ 80,000ක් පමණ ජනයා පැමිණි බව සඳහන්. මෙම සත්ත්වයාගේ සිරුර සංරක්ෂණය කොට ගලපාගොස් ජාතික උද්‍යානයේ තැබීමට ද සැලසුම් කර තිබෙනවා. වසර 200ක් පමණ ජීවත් විය හැකි මෙම යෝධ ඉබ්බා වසර 100කින් මිය යාමට හේතුව විද්‍යාඥයින් දැන් සොයා බලනවා.
