මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයට ඇමරිකාවේ වැඩි උනන්දුවක්.
2012 ජූනි 26 අඟහරුවාදා- පස්වරු 12:54
මෙරට බලශක්ති ක්ෂේත‍්‍රය පිළිබදව ඇමරිකානු සමාගම් උනන්දුවක් දක්වන බව ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී පැටී‍්‍රෂියා බියුටේනිස් පවසනවා. මෙරට පිරිපහදු ඉදිකිරීම් කටයුතු සහ ස්වභාවික වායු සංවර්ධනය සඳහා ඇමරිකානු සමාගම් මෙලෙස උනන්දුව පළ කර ඇති බව ඇය සඳහන් කළා. ශ‍්‍රී ලංකාව තුළ ඇමරිකානු ආයෝජන ඉහළ නැංවීම පිළිබදව පසුගිය වසර 3 මුලූල්ලේ පියවර රැසක් ගනු ලැබූ බවත් ඇය කියා සිටියා. බලශක්ති ක්ෂේත‍්‍රයට ඇමරිකානු සමාගම්වල විදේශීය ව්‍යාපෘතිවලදී ප‍්‍රමුඛත්වයක් හිමි වනවා. ඒ අනුව නුදුරේදීම ඔවුන් මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයට එක්වනු ඇතැයි ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විශ්වාසය පළ කළා.
