එස්.එල්.පී.එල්. කණ්ඩායම් විකිණෙයි.
2012 ජූනි 26 අඟහරුවාදා- පස්වරු 07:40
ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් අවුරුදු 7 ක් සඳහා කල්බදු ක‍්‍රමයට වෙන්දේසි කර ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව එක් කණ්ඩායමක් ඇමරිකානු ඩොලර් මිලියන 4.3 ක සාමාන්‍ය අගයකට වෙන්දේසි කර ඇති බවයි එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. කෙසේ වුවත් මෙම කණ්ඩායම් මිලදී ගත් සමාගම් පිළිබඳ මෙතෙක් හෙළිදරව් කිරීමට නොහැකි බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඒ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අනුමැතිය මෙතෙක් මෙම කල්බදු වෙන්දේසිය සඳහා ලැබී නොමැති වීම හේතුවෙන්. මේ අතර ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ කණ්ඩායම් සඳහා ක‍්‍රීඩකයින් ලන්සු ක‍්‍රමයට ලබාගැනීමේ වෙන්දේසිය ලබන ජූලි 6 - 7 යන දිනයන්හි පැවැත්වීමට නියමිතයි.
