සංගක්කාරට උසස් වීමක්.
2012 ජූනි 27 බදාදා- පෙරවරු 07:46
අයි.සී.සී. ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වන දෙවැනි ස්ථානයට පැමිණීමට කුමාර් සංගක්කාරට හැකි වී තිබෙනවා. පාකිස්තානය සමග ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පසුගිය දා පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දී ලබාගත් ලකුණු 199ක සුපිරි ඉනිම හේතුවෙනුයි මෙලෙස කුමාර් සංගක්කාර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත්තේ. මීට පෙර ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඔහුට හිමි වූයේ 5 වැනි ස්ථානයයි. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිළේ ශිවනරීන් චන්ද්‍රපෝල් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ ඇත්තේ ප‍්‍රසාද ලකුණු 856ක් ලබා ගනිමින්. දෙවැනි ස්ථානයට පැමිණි කුමාර් සංගක්කාර ප‍්‍රසාද ලකුණු 850ක් ලබාගෙන තිබෙනවා. දකුණු අප‍්‍රිකාවේ ඒ.බී. ඩිවිලියස් තෙවැනි ස්ථානයට පැමිණ ඇති බව සදහන්. මේ අතර ශ‍්‍රී ලංකා දග පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල සිව් වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.
