ඕස්ටේ‍්‍රලියාවේදී තවත් සංක‍්‍රමණික යාත‍්‍රාවක් අනතුරට.
2012 ජූනි 27 බදාදා- පස්වරු 01:33
ඕස්ටේ‍්‍රලියාවේ නත්තල් දිවයින ආසන්නයේ දී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා. බී.බී.සී. වාර්තා සඳහන් කළේ මෙහි සරණගතයින් 150 ක් පමණ ගමන් කොට ඇති අතර, ඔවුන්ගෙන් 123 දෙනෙකු බේරාගෙන ඇති බවයි. ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා නෞකා දෙකක් පිටත් කොට ඇති බව ඕස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ සඳහන් කළා. මෙම බෝට්ටුව අනතුරට පත්ව ඇති බව මුල් වරට දැක ඇත්තේ භාණ්ඩ ප‍්‍රවාහන නෞකා දෙකක්. මීට දින කිහිපයකට පෙර ඉන්දුනීසියාවේ සිට සරණාගතයින් 200ක් රැගෙන ඕස්ටේ‍්‍රලියාව බලා ගමන් කළ යාත‍්‍රාවක් නත්තල් දිවයින ආසන්නයේ දී අනතුරට ලක්වුණා. එහි සිටි 110 දෙනෙකු බේරා ගත් අතර, තවත් 17 දෙනෙකුගේ මළ සිරුරු පසුව හමුවුණා.
