බංග්ලාදේශයේ නාය යාම්වලින් 90ක් මරුට.
2012 ජූනි 28 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:06
බංගලාදේශයේ ගිනිකොණ ප‍්‍රදේශයට ඇද හැලෙන අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නාය යාම් නිසා පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මීට අමතරව තවත් පුද්ගලයින් එක්ලක්ෂ 50,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අධික වර්ෂාපතනයත් සමගම චිතගොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එමෙන්ම චිතගොං නගරයට පැමිණෙන ප‍්‍රධාන දුම්රිය මාර්ගයකට අයත් වන දුම්රිය පාලමක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනා ගමන කටයුතු ද ඇණහිට ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
