ශ‍්‍රී ලංකා - ඉන්දීය කාලසටහන වෙනස් වෙයි.
2012 ජූනි 28 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:10
සංචාරක ඉන්දීය කණ්ඩායම ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර ලබන මාසයේ දී ආරම්භවීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලියේ කාලසටහන සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තරග 5කින් සමන්විත එම තරගාවලිය ලබන ජුලි 22 වැනිදා ආරම්භ වීමට නියමිත අතර නව සංශෝධනයත් සමගම එය ජුලි 21 ආරම්භ වනු ඇති. මෙලෙස තරගාවලියේ දින සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ සෑම තරගයකටම අමතර දිනයක් යෙදීමට තීරණය කිරීමත් සමගයි. ලබන ජුලි මාසය වන විට ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ඇති වන වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරග දෙක සූරියවැව ද, තුන් වන සහ සිව් වැනි තරග කොළඹ ද, අවසන් තරගය පල්ලෙකැලේ ද පැවැත්වීමට නියමිතයි.
