ලංකාවෙන් නැව්වලට තෙල්.
2012 ජූනි 28 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:13
ශ‍්‍රී ලංකාව නෞකා සඳහා ඉන්ධන සපයන කේන්ද්‍රීය වරාය මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය අද (28) පැවැත්වෙනවා. ඒ අනුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය බ්ලූමැන්ඩල් ඉන්ධන පරිශ‍්‍රයේ සිට කොළඹ වරාය වෙත නව ඉන්ධන නල එළීමේ ව්‍යාපෘතියක් ආරම්භ වනවා. අදින් ආරම්භ කෙරෙන ඉන්ධන නළ එළීමේ ව්‍යාපෘතිය ලබන වසරේ ජූලි මස අවසන් කිරිමට නියමිත අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250 ක්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන භූමි භාගය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැවරී තිබෙනවා. එමෙන්ම අධිකරණ තීන්දු ප‍්‍රකාරව නෞකා සඳහා ඉන්ධන පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකාව තුළ ලියාපදිංචිවී ඇති සියලූ බලපත‍්‍ර ලාභීන්ට අවශ්‍ය ඉඩ පහසුකම්ද මෙමගින් හිමිවන බව සඳහන්.
