පාකිස්ථාන කි‍්‍රකට් කණ්ඩායමෙන් පැමිණිල්ලක්.
2012 ජූනි 28 බ්‍රහස්පතින්දා- පස්වරු 12:31
සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. පාකිස්ථානු කණ්ඩායමේ කළමනාකාර නවිඞ් චීමා සහ පුහුණුකරු ඬේව් වට්මෝර් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ඬේවිඞ් බුන්ටයි. එහි පිටපතක් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වෙත ද යොමුකර තිබෙනවා. පළමු ටෙස්ට් තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ඉයන් ගෝඞ් සහ ඔස්ටේ‍්‍රලියානු ජාතික ස්ටීව් ඬේවිස් වැරදි තීරණ 10 ත් 12 ත් අතර ප‍්‍රමාණයක් ලබාදී ඇති බව මෙම පැමිණිල්ලේ සඳහන්. මෙම තත්ත්වය තුළ තරගාවලියේ ඉතිරි තරග සඳහා විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක‍්‍රමවේදය අවශ්‍ය බව ද පාකිස්ථානය ඉල්ලීමක් කර තිබෙනවා.
