20 යි 20 ලෝක කුසලානයේ ප‍්‍රවේශ පත‍්‍ර ලක්ෂයක් අලෙවි වෙලා.
2012 ජූනි 28 බ්‍රහස්පතින්දා- පස්වරු 12:31
ලබන සැප්තැම්බරයේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රවේශ පත‍්‍ර ලක්ෂයක් මේ වන විට අලෙවි වී ඇති බව අයි.සී.සී. ය ඊයේ නිවේදනය කළා. ඉන් වැඩි කොටසක් ශ‍්‍රී ලාංකිකයන් විසින් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ශ‍්‍රී ලංකාව සහභාගිවන තරග, අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගයේ ප‍්‍රවේශපත‍්‍ර වැඩි වශයෙන් අලෙවි වී ඇති බව ද අයි.සී.සී නිවේදනයේ සඳහන්. කොළඹ සහ නුවර පැවැත්වෙන තරග සඳහා වැඩි ප‍්‍රවේශ පත‍්‍ර ප‍්‍රමාණයක් අලෙවි වී අවසන්. ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගැනීමේ තුන්වන අදියර ලබන අගෝස්තු පළමුවැනිදායින් ආරම්භ වන බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
