ඇමෙරිකාවේ ස්ථාන 7 ක ලැව් ගිනි. - 32,000 කට පීඩා.
2012 ජූනි 28 බ්‍රහස්පතින්දා- පස්වරු 12:32
ඇමරිකාවේ ප‍්‍රාන්ත 7 ක් පුරා ඇවිල යන ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 32,000කු පමණ අවතැන් වී ඇතැයි විදෙස් වාර්තා පවසනවා. ඊයේ හට ගත් මෙම ලැව් ගිනිවලට මැදි වූ එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද දිනයේ එරට ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ. යූටා, මොන්ටෑනා, නිව් මෙක්සිකෝ, කැලිෆෝනියා, වයෝමි, ඇරිසෝනා සහ කොළරාඩෝ යන ප‍්‍රාන්තවලයි මෙම ලැව් ගිනි තත්ත්වය හට ගෙන ඇත්තේ. ලැව් ගින්න පැතිර යන අවට ප‍්‍රදේශයේ පදිංචිව සිටි සියලූම ජනතාව සිය නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා පැමිණ ඇති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළා. පැතිර යන ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ භටයන් 800ක් පමණ යොදවා තිබෙනවා.
