ටුවර් ඩි හිරු හෙට ඇරඹෙයි.
2012 ජූනි 28 බ්‍රහස්පතින්දා- පස්වරු 06:45
හිරු එෆ්.එම්. 14 වැනි සංවත්සරයට සමගාමීව හිරු ටී.වී. - හිරු එෆ්.එම්. එක්ව සංවිධාන කරන ටුවර් ඩි හිරු පාපැදි සවාරිය හෙට (29) ආරම්භ වනවා. දින දෙකක් පුරා, අදියර දෙකක් යටතේ පැවැත්වෙන ටුවර් ඩි හිරු පාපැදි සවාරිය මෙරට පාපැදි තරග ඉතිහාසයේ දැවැන්තම තරගාවලියයි. පාපැදි සවාරියේ මුළු දුර ප‍්‍රමාණය කිලෝමීටර් 277 ක්. හෙට පෙරවරු 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වන තරගය ලේක්හවුස් වටරවුම ඔස්සේ මරදාන දක්වා ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිස පෑලියගොඩ, වත්තල හරහා ඒකල දක්වා ගමන් කිරීමට නියමිතයි. අනතුරුව ඒකල ගම්පහ මාර්ගය ඔස්සේ යක්කල දක්වා ගමන් කර නුවර පාර ඔස්සේ වරකාපොල, කෑගල්ල, කඩුගන්නාව පසුකර මහනුවර නගරයෙන් පළමු අදියර අවසන් වනවා.
ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ දෙවන අදියර 30 වැනි සෙනසුරාදා මහනුවරින් ආරම්භ වී කුරුණෑගල - මාවතගමින් අවසන් වනවා. ශී‍්‍ර ලංකා පාපැදි අතුරු පාලක කමිටුවේ පූර්ණ අධීක්ෂණ යටතේ පැවැත්වෙන පාපැදි සවාරිය සඳහා එක්ව සිටින බලපත‍්‍රලාභී පාපැදි තරගකරුවන් සංඛ්‍යාව 150 කට අධිකයි. තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගන්නා කී‍්‍රඩකයාට පාපැදි තරග ඉතිහාසයේ වැඩිම මුදල් ත්‍යාගය පිරිනැමීමටත් අනෙකුත් ජයග‍්‍රාහකයින් සඳහාද මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ අතර, 2007 වසරේ පැවති ටුවර් ඩි හිරු පළමු පාපැදි සවාරියේ ජයග‍්‍රාහකයා බවට පත්වූයේ ශී‍්‍ර ලංකා යුද හමුදාව නියෝජනය කළ මීමනගේ පෙරේරායී. මෙවර ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ ජයග‍්‍රහණය පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මීමනගේ සඳහන් කළේ මෙවර ජයග‍්‍රහණය තමන් සතුකර ගැනීමට උපරිම උත්සාහ කරන බවයි.
2008 වසරේ පැවති ටුවර් ඩි හිරු ජයග‍්‍රාහකයා බවට පත්වු ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ඬේන් නුගේරා මෙවර තරගය පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවා.
ශී‍්‍ර ලංකා පාපැදි අතුරු කමිටුවේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න සඳහන් කළේ මෙවර ටුවර් ඩි හිරු පාපැදි සවාරිය පාපැදි තරගකරුවන්ට සුවිශේෂී අවස්ථාවක් බවට පත්වන බවයි.
මෙරට පාපැදි සවාරි ඉතිහාසයේ දැවැන්තම තරගය වන ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ සජීවි අවස්ථා හෙට සිට හිරු ටී.වී. තුළින් දැකබලා ගත හැකි වන අතර, හිරු එෆ්.එම්. ඔස්සේ සජීවි විස්තර විචාරයන් අඛණ්ඩව ගෙන එනු ඇති.
