වව්නියාව බන්ධනාගාර නියාමකයන් තිදෙනා තවමත් ප‍්‍රාණ ඇපයේ.
2012 ජූනි 29 සිකුරාදා- පෙරවරු 07:22
වව්නියාව බන්ධනාගාරයේ විරෝධතාවක නිරත වී සිටින එල්.ටී.ටී.ඊ රැුඳවියන් එහි සේවය කරන බන්ධනාගාර නියාමකයින් තිදෙනා තවදුරටත් ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින බව වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි සජීව මැදවත්ත පවසනවා. එම නියාමකයින් තිදෙනාට කිසිදු උපද්‍රවයක් මෙතෙක් සිදුව නොමැති බවයි ඔහු කියා සිටියේ. කෙසේ වුවත් අද දිනය තුළ බන්ධනාගාරයේ ඇති වී තිබෙන මෙම නොසන්සුන්කාරි තත්ත්වය විසඳා ගැනීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. වව්නියාව බන්ධනාගාරයේ හට ගෙන ඇති නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිම සඳහා කොළඹ බන්ධනාගාර මූලස්ථානයෙන් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පිටත් කර යැවුණා. පෙරේදා දිනයේ සිට වව්නියාව බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. රැඳවියන් උපවාසයක නිරත වන්නේ අධිකරණ නියෝගයක් මත ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයට භාරදුන් රැඳවියා යළි රැගෙන එන ලෙස ඉල්ලමින්.
