ටුවර් ඞී හිරු දැවැන්ත පාපැදි සවාරියට සියල්ල සූදානම්.
අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
ශිරාල් - මෛත‍්‍රී යූ එන් පි යෙන් නෙරපීම.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-20
ටුවර් ඞී හිරු දැවැන්ත පාපැදි සවාරියට සියල්ල සූදානම්.
2012 ජූනි 29 සිකුරාදා- පෙරවරු 07:57

හිරු එෆ්.එම්. 14 වැනි සංවත්සරයට සමගාමීව හිරු ටී.වී. - හිරු එෆ්.එම්. එක්ව සංවිධාන කරන ටුවර් ඩි හිරු පාපැදි සවාරිය අද ආරම්භ වනවා. දින දෙකක් පුරා, අදියර දෙකක් යටතේ පැවැත්වෙන ටුවර් ඩි හිරු පාපැදි සවාරිය මෙරට පාපැදි තරග ඉතිහාසයේ දැවැන්තම තරගාවලියයි. අද (29) පෙරවරු 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වන තරගය ලේක්හවුස් වටරවුම ඔස්සේ මරදාන දක්වා ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිස පෑලියගොඩ, වත්තල හරහා ඒකල දක්වා ගමන් කිරීමට නියමිතයි. අනතුරුව ඒකල ගම්පහ මාර්ගය ඔස්සේ යක්කල දක්වා ගමන් කර නුවර පාර ඔස්සේ වරකාපොල, කෑගල්ල, කඩුගන්නාව පසුකර මහනුවර නගරයෙන් පළමු අදියර අවසන් වනවා.

ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ දෙවන අදියර 30 වැනි සෙනසුරාදා මහනුවරින් ආරම්භ වී කුරුණෑගල - මාවතගමින් අවසන් වනවා. ශී‍්‍ර ලංකා පාපැදි අතුරු පාලක කමිටුවේ පූර්ණ අධීක්ෂණ යටතේ පැවැත්වෙන පාපැදි සවාරිය සඳහා එක්ව සිටින බලපත‍්‍රලාභී පාපැදි තරගකරුවන් සංඛ්‍යාව 150 කට අධිකයි. තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගන්නා කී‍්‍රඩකයාට පාපැදි තරග ඉතිහාසයේ වැඩිම මුදල් ත්‍යාගය පිරිනැමීමටත් අනෙකුත් ජයග‍්‍රාහකයින් සඳහාද මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ටුවර් ඩි හිරු පාපැදි සවාරිය පිළිබඳව ශී‍්‍ර ලංකා පාපැදි අතුරු කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල සඳහන් කළේ මෙවර ටුවර් ඩි හිරු පාපැදි සවාරිය පාපැදි තරගකරුවන්ට සුවිශේෂී අවස්ථාවක් බවට පත්වන බවයි.


හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. එක්ව සංවිධාන කරනු ලබන ටුවර් ඩි හිරු පාපැදි සවාරියට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේද, සිය සුබ පැතුම් මෙලෙස එක්කළා.



මෙරට පාපැදි සවාරි ඉතිහාසයේ දැවැන්තම තරගය වන ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ සජීවි අවස්ථා අද සිට හිරු ටී.වී. තුළින් දැකබලා ගත හැකි වන අතර, හිරු එෆ්.එම්. ඔස්සේ සජීවි විස්තර විචාරයන් අඛණ්ඩව ගෙන එනු ඇති.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)