චීන අභ්‍යාවකාශ යානය පොළොවට පැමිණෙයි.
2012 ජූනි 29 සිකුරාදා- පෙරවරු 10:05
දින 13 ක් උඩු ගුවනේ සැරිසැරූ ෂෙන්ෂූ - 09 චීන ගගන යානය අද (29) නැවතත් පොළොවට පැමිනුණා. චීනයේ ප‍්‍රථම ගගනගාමිනියද රැගෙන එම යානය චීනයේ ඉනර් මොංගෝලියා ප‍්‍රදේශයට ගොඩ බසින ආකාරය එරට මාධ්‍ය මගින් සජීවි ලෙස විකාශය කර තිබෙනවා. පැරෂූට ආධාරයෙන් වේගය අඩාල කොට පොළොවට පතිත වූ යානයේ සිටි ගගනගාමිය සහ ගගනගාමීන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි චීන රජය ප‍්‍රකාශ කළේ. ෂෙන්ෂූ - 09 අභ්‍යාවකාශ යානය උඩු ගුවනේදී ටියන්ගොන් - 01 අභ්‍යාවකාශ පර්යේෂණාගාරය සමග සම්බන්ධ වී පර්යේෂණ පැවැත්වූවා.
