Hirunews Logo
%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB.
Friday, 29 June 2012 - 12:57
චීනයට ඉරාන තෙල් ආනයනය කිරීමට අවසර.
4

Shares
542

Views



ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයට මාස     06 ක සහන කාලයක් ලබා දී තිබෙනවා. ඉරානයට එරෙහිව පනවා ඇති ඇමරිකානු සම්බාධක යටතේ ඉරාන තෙල් මිලදී ගන්නා රටවලටද මූල්‍ය සම්බාධක ක්‍රියාත්මකයි. එහෙත් චීනයට සහ සිංගප්පූරුවටද ඉරාන තෙල් මිලදී ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන බවයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට එවැනි සහනයක් ඇමරිකාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කළා. චීනයද එම ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප්‍රධානතම රටවල් 20 ම, මේ අනුව සම්බාධකවලින් නිදහස් වනවා. ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව සම්බාධක ක්‍රියාත්මක කරන්නේ එරට න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හිටුවන ලෙස බලපෑම් කරමින්. ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගනු ඇතැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සැකයෙන් පසුවීම ඊට හේතුවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව සුන්දරම වෙරළ තීරයන් නම් කරයි
Saturday, 25 February 2017 - 11:49
සුවදායි ලෙස නිවාඩුවක් ගතකිරීමට සුදුසු දැනට ලෝකයේ පවතින හොදම වෙරළ තීරයන් ලැයිස්තුව ප්‍රකාශ කර... Read More
News Image
Hiru News Programme Segments
84 Views
4,252 Views
2,708 Views
2,595 Views
3,158 Views
48,479 Views
Top