ටුවර් ඩි හිරු පළමු අදියරේ ජයග‍්‍රාහකයා ගුවන් හමුදාවේ බුද්ධික.
2012 ජූනි 29 සිකුරාදා- පස්වරු 01:04
හිරු එෆ්.එම්. 14 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ පළමු අදියර මහනුවර නගර මධ්‍යයෙන් මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා. පළමු අදියරේ ජයග‍්‍රාහකයා වූයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරියයි. දෙවන ස්ථානය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කි‍්‍රෂාන් මධුශංක දිනා ගත් ගත් අතර තුන්වන ස්ථානය ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ තුෂාන් චන්දන විසින් හිමිකර ගත්තා. මෙරට පාපැදි ඉතිහාසයේ දැවැන්තම තරගාවලිය වන මෙය අද පෙරවරු 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වුණා. මරදාන හරහා බේස්ලයින් මාර්ගයට පිවිසුණු පාපැදි තරගකරුවන් පෑලියගොඩ, වත්තල ඔස්සේ ඒකල දක්වා ගමන් ගත්තා. අනතුරුව ඒකල ගම්පහ මාර්ගය ඔස්සේ යක්කල දක්වා ගමන් ගත් ඔවුන් නුවර පාර ඔස්සේ වරකාපොල, කෑගල්ල, කඩුගන්නාව පසුකර මහනුවර නගරයට ළ`ගා වූයේ මධ්‍යහ්නය ආසන්නවද්දීයි. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම පාපැදි තරගයේ අද දිනයේ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා මහනුවර නගරයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු නිරෝධ කාරියවසම්.
