S.L.P.L වෙනුවෙන් වැඩිම ලන්සු ඉන්දීය සමාගම්වලින්.
2012 ජූනි 29 සිකුරාදා- පස්වරු 04:07
ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ කණ්ඩායම් රැසක් වෙනුවෙන් ඉහළම ලන්සු ඉදිරිපත් කර ඇත්තේ ඉන්දීය සමාගම් විසින් බව නවතම වාර්තා සඳහන් කරනවා. ඉන්දීය වාර්තා සඳහන් කළේ මුම්බායි වදාවන් හෝල්ඩින්ග්ස් නැමති සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 5.2 කට දැනටමත් වයඹ කණ්ඩායම මිලට ගෙන ඇති බවයි. රුද්‍රා ස්පෝට්ස් නැමති සමාගම උතුර කණ්ඩායම ඇමරිකානු ඩොලර් මිලියන 3.5 කට මිලට ගෙන ඇති බවයි අදාළ වාර්තාවල දැක්වුණේ. ඌව සහ රුහුණු කණ්ඩායම් ඉහළ ලන්සු ඉදිරිපත් කරමින් ඉන්දීය සමාගම් විසින් දෙකක් විසින් මිලට ගෙන ඇත්තේ ඩොලර් මිලියන 4.6 කටයි. ඉන්දීය ක‍්‍රීඩකයන්ට ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගි නොවීමේ තීරණයක සිටියදී එරට සමාගම් විසින් මෙම කණ්ඩායම් මිලට ගැනීමද විශේෂත්වයක්.
