ටුවර් ඩි හිරු පළමු දිනය අවසන්.
2012 ජූනි 29 සිකුරාදා- පස්වරු 06:28
හිරු එෆ්.එම්. 14 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ පළමු අදියර මහනුවර නගරයෙන් අද දහවල් අවසන් වුණා. පළමු අදියරේ ජයග‍්‍රාහකයා වූයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරියයි. දෙවන ස්ථානය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කි‍්‍රෂාන් මධුශංක දිනා ගත් ගත් අතර තුන්වන ස්ථානය ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ තුෂාන් චන්දන විසින් හිමිකර ගත්තා. මෙරට පාපැදි ඉතිහාසයේ දැවැන්තම තරගාවලිය වන මෙය අද පෙරවරු 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වුණා. මරදාන හරහා බේස්ලයින් මාර්ගයට පිවිසුණු පාපැදි තරගකරුවන් පෑලියගොඩ, වත්තල ඔස්සේ ඒකල දක්වා ගමන් ගත්තා. අනතුරුව ඒකල ගම්පහ මාර්ගය ඔස්සේ යක්කල දක්වා ගමන් ගත් ඔවුන් නුවර පාර ඔස්සේ වරකාපොල, කෑගල්ල, කඩුගන්නාව පසුකර මහනුවර නගරයට ළගා වූයේ මධ්‍යහ්නය ආසන්නවෙද්දීයි. ඒ සඳහා මග දෙපස රැස්වූ මහජනතාවගෙන් ලැබුණේ දැවැන්ත ප‍්‍රතිචාරයක්. දිවයිනේ බලපත‍්‍රලාභී පාපැදි තරඟකරුවන් 150 ක් පමණ සහභාගිවන ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ දෙවන අදියර හෙට මහනුවර සිට මාතලේ, දඹුල්ල, කුරුණෑගල හරහා මාවතගම දක්වා ක‍්‍රියාත්මක වනවා. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම පාපැදි තරගයේ අද දිනයේ තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා මහනුවර නගරයේ සිටින හිරු ක‍්‍රීඩා අංශයේ වින්දන ප‍්‍රසාද් කරුණාරත්න.
