පාරිභෝගික දර්ශකයත් ඉහළට.
2012 ජූනි 30 සෙනසුරාදා- පෙරවරු 07:30
මෙරට පාරිභෝගික ද්‍රව්‍ය මිල ජූනි මාසයේදී සියයට 9.3 ක ඉහළ යාමක් පෙන්නුම් කරනවා. එය වසර තුනහමාරකින් පාරිභෝගික ද්‍රව්‍ය මිලෙහි ඉහළම අගයන් සළකුණු කරන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මිල දර්ශකය මැයි මාසයේදී පැවතුණේ සියයට 7 ක් ලෙසයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය ජුනි මාසය තුළ ඒකක 1.9 කින් ඉහළ ගිය අතර එම දර්ශකය සටහන් වූයේ ඒකක 165.2 ක් ලෙසයි. බොහොමයක් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සියයට 3.8 කින් ඉහළ ගොස් තිබෙනවා. ආහාරමය නොවන පාරිභෝගික ද්‍රව්‍ය මිල ජූනි මාසයේදී ඉහළ ගොස් ඇත්තේ නාමික වශයෙන්.
