සෝනියා අගමැති කිරීමේ සිහිනයක් කලාම් දකී.
2012 ජූනි 30 සෙනසුරාදා- පෙරවරු 07:33
කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ඉන්දියාවේ අගමැති වනු දැකීමට තමන් සිහින දුටු බව හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කලාම් පවසනවා. 2004 වසරේදී ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් වූ විට ඉන්දීය ජනාධිපතිවරයා ලෙස තමා ඊට විරුද්ධත්වයක් දැක්වූ බවත් ඔහු සඳහන් කළා. විවිධ පාර්ශව වලින් සහ දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ලවුවද ඒවා නොතකමින් සෝනියා ගාන්ධි ඉන්දියාවේ අගමැති වනු දැකීමට තමා අපේක්ෂා කළ බවයි අබ්දුල් කලාම් ප‍්‍රකාශ කළේ. හිටපු ඉන්දීය ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය දේශපාලන ජීවිතයේ ලිඛිත අතීතාවර්ජනයක් ඉදිරිපත් කරමින්. සෝනියා ගාන්ධි වෙනුවට මන් මෝහන් සිං ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දීම තමා මවිතයට පත් කළ කරුණක් ලෙසයි අබ්දුල් කලාම් හැඳින්වූයේ.
