ඇමරිකාවේ ලැව් ගිනි පැතිරේ.
2012 ජූනි 30 සෙනසුරාදා- පස්වරු 01:09
ඇමෙරිකාවේ කොළරාඩෝ ප‍්‍රාන්තය කේන්ද්‍රකොට ගෙන දැන් මහා ලැව් ගිනි ජාලාවක් පැතිරෙනවා. ඇමරිකානු භූ විද්‍යා සංකේතයක් වන වල්ඩෝ කැනියන් කඳු ආවාට ප‍්‍රදේශය ද මෙම ගින්නට හසුවී ඇති බව සඳහන්. ප‍්‍රාන්තයේ දෙවන විශාලතම නගරය ද ඊට ගොදුරු වී ඇති අතර ලැව් ගින්නෙන් විනාශ වී ඇති ප‍්‍රදේශය අක්කර දහහත් දහසකට අධිකයි. ගින්න සම`ග ඇති වූ සුළෙ`ග් වේගය පැයට සැතපුම් 65 ක් පමණ වන බව කාලගුණ අංශ ප‍්‍රකාශ කළා. මෙම දැවැන්ත ලැව් ගින්න මැඩපැවැත්වීම සඳහා එක්සත් ජනපදය සිය ගුවන් හමුදාවල සහය ලබා ගන්නවා. ගුවන් යානා 130 ක් ඒ සඳහා යොදා ගැනෙණ අතර ගිනි නිවීම සඳහාම සකස් කළ ගුවන් යානා ද ඊට ඇතුළත්. ඇමෙරිකානු ලැව් ගින්නෙන් මේ වන විට නිවාස 346 ක් විනාශ වී ඇති අතර 20,000 කට උන්හිටි තැන් අහිමි වුණා. එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ ලැව් ගින්නෙන් විනාශ වූ ප‍්‍රදේශ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක ද නිරත වුණා.
