ඞී.එන්.ඒ සහ පෙරටුගාමීන් පළාත් ඡන්දයට නැහැ.
2012 ජූනි 30 සෙනසුරාදා- පස්වරු 02:31
ඉදිරියේදී පැවැත්වෙන සබරගමුව උතුරුමැද නැගෙනහිර පළාත් සභාවලට තරග නොවදින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කර සිටියේ ඉදිරි මැතිවරණයේදි තම පක්ෂය විකල්ප මැතිවරණ ව්‍යාපාරයක නිරත වන බවයි. මැතිවරණයට තරග නොවැදුණ ද ජනතාවගේ ගැටලූ පිළිබඳව එම ව්‍යාපාරය මගින් දැනුවත් කිරිම් සිදුකරන බව ද ඔහු සඳහන් කළා. මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට සරත් ෆොන්සේකාගේ නායකත්වයෙනුත් තම පක්ෂයට බලාපොරොත්තුවක් නොමැති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් හිරු ප‍්‍රවෘත්ති අංශය කල විමසීමකදී කියා සිටියා.
