ටුවර් ඩි හිරු ශූරයා ගුවන් හමුදාවේ බුද්ධික.
2012 ජූනි 30 සෙනසුරාදා- පස්වරු 03:50
හිරු එෆ් එම් 14 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය වූ ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ සමස්ථ තරගයේ ජයග‍්‍රාහකයන් මීට සුළු මොහොතකට පෙර ප‍්‍රකාශයට පත් වුණා. ඒ අනුව, ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ ජයග‍්‍රාහකයා වූයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන බුද්ධික වර්ණකුලසූරියයි. ඊයේ දිනයේ තරගයේ පළමු අදියර ද ජයග‍්‍රහණය කළ බුද්ධික වර්ණකුලසූරියගේ සමස්ථ තරග දක්ෂතාවය සටහන් වූයේ පැය 6 යි විනාඩි 45 යි තත්පර 36 ක් ලෙසයි. ශ‍්‍රී ලංකා නාවික හමුදා බී කණ්ඩායම නියෝජනය කළ කි‍්‍රශාන් මධුශංක පැය 6 යි විනාඩි 46 යි තත්ත්පර 14 කින් නිම කරමින් සමස්ථ තරගයේ දෙවන ස්ථානය දිනා ගත්තා. ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ තුන්වන ස්ථානය ශ‍්‍රී ලංකා යුධ හමුදා සී කණ්ඩායම නියෝජනය කළ තුෂාන් චන්දන දිනා ගත්තේ පැය 6 යි විනාඩි 46 යි තත්ත්පර 14 ක දක්ෂතාවයක් දක්වමින්.
