නීතිවිරෝධී ලෙස රට යන්න හැදූ 294 ක් අත්අඩංගුවට.
2012 ජූනි 30 සෙනසුරාදා- පස්වරු 06:22
ඕස්ටේ‍්‍රලියාවට යාමට උත්සාහ කළ සංක‍්‍රමණිකයන් සහ ජාවාරම්කරුවන් 294 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කරනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප‍්‍රවෘත්ති අංශයට මේ බව සඳහන් කළේ අදාළ වැටලීම් පිළිබඳව සිදුකළ විමසීමකදීයි.
මේ අතර, ශී‍්‍ර ලාංකික සංක‍්‍රමණිකයන් ඇතුළත් යාත‍්‍රාවක් සහ තවත් අනවසර සංක‍්‍රමණිකයන් රැගත් යාත‍්‍රාවක් ඕස්ටේ‍්‍රලියාවේ නත්තල් දිවයින ආසන්නයේදී එරට ආරක්ෂක අංශ විසින් අද (30) අත්අඩංගුවට ගත්තා. ඒ අනුව ගතවු පැය 24 ක කාලය තුළ ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධී සංක‍්‍රමණික යාත‍්‍රා සංඛ්‍යාව 04 ක්. කොකෝස් දිවයින ආසන්නයේදී අද අත්අඩංගුවට ගත් එක් යාත‍්‍රාවක ශී‍්‍ර ලාංකික සංක‍්‍රමණිකයන් 67 දෙනෙකු සිටින බව ඕස්ටේ‍්‍රලියානු වාර්තා සඳහන් කළා. අනෙක් යාත‍්‍රාවේ සංක‍්‍රමණිකයන් 41 දෙනෙකු සිටින අතර, එහි ශී‍්‍ර ලාංකිකයන් සිටින බවට මෙතෙක් තොරතුරු හෙළිව නැහැ. ඊයේ (29) දිනයේද මෙලෙස යාත‍්‍රා දෙකක් අත්අඩංගුවට ගැනුණු අතර, එහි සිටි 145 දෙනෙකුගෙන් සංක‍්‍රමණිකයන් 44 දෙනෙකු ශී‍්‍ර ලාංකිකයන් බව ඕස්ටේ‍්‍රලියානු වාර්තා ප‍්‍රකාශ කළා.
පසුගිය සතිය පුරා ශී‍්‍ර ලාංකික දෙමළ සංක‍්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක් මෙලෙස ඕස්ටේ‍්‍රලියාවට නීති විරෝධීව ඇතුළුවීමට උත්සාහ දැරීමේ අවස්ථා කිහිපයක් වාර්තා වුණා. අද (30) අළුයමද ඕස්ටේ‍්‍රලියාවට යෑමේ අරමුණින් මීගමුව මුහුදු තීරයේ රැඳී සිටි පුද්ගලයන් 09 දෙනෙකු සමග යාත‍්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
