ෆොන්සේකාගේ රැස්වීම් සංවිධායකයෙකුට ප‍්‍රහාරයක්.
2012 ජූනි 30 සෙනසුරාදා- පස්වරු 06:41
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා පිළිගැනීම සඳහා උත්සවයක් සංවිධාන කළ පුද්ගලයෙකුට ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පහරදුන් බව පාලිත රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයා පවසනවා. පුත්තලම - මුන්දලම - හැට එකේ හන්දියේ මෙම උත්සවය සංවිධාන කර තිබූ බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේ.
මෙම චෝදනාව එල්ල වන ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්තගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් විමසා සිටියා. එහිදී ඔහු දැක්වුයේ මෙවන් ප‍්‍රතිචාරයක්.
පහරකෑමට ලක්වුයේ යැයි කියන ජූඞ් නිශාන්ත නැමැත්තාද සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට සිය අදහස් පළ කළා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය මුන්දලම පොලිසියෙන් කළ විමසීමකදී එහි ස්ථානාධිපතිවරයා කියා සිටියේ මේ පිළිබඳව මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
