දැයට කිරුළෙන් දිස්ති‍්‍රක්ක 04 කට සුබයි.
2012 ජූනි 30 සෙනසුරාදා- පස්වරු 07:13
2013 දැයට කිරුළ වැඩසටහන යටතේ දිස්ති‍්‍රක්ක 04 ක් සඳහා රුපියල් මිලියන 16,528 ක් වෙන්කර ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. වසර දෙකකට බෙදී යන පරිදි අදාළ මුදල් පොළොන්නරුව, මඩකලපුව, ති‍්‍රකුණාමලය සහ අම්පාර දිස්ති‍්‍රක්ක වෙතයි ලබා දී ඇත්තේ. ඒ අනුව එම දිස්ති‍්‍රක්ක හතරෙහි මහා මාර්ග , විදුලිබල, කෘෂිකර්ම සහ සෞඛ්‍ය යන අංශවල සංවර්ධනය වෙනුවෙන් 2012 වසර සඳහා රුපියල් මිලියන 8,549 ක් වෙන්කර තිබෙනවා. 2013 වසර සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 7,979 ක්.
