ටුවර් ඩි හිරු ශූරයා ගුවන් හමුදාවේ බුද්ධික.
2012 ජූනි 30 සෙනසුරාදා- පස්වරු 07:20
හිරු එෆ්.එම්. 14 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය වූ ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ ශූරයා බවට පත්වීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ බුද්ධික වර්ණකුලසූරිය සමත් වුණා. ඊයේ දිනයේ තරගයේ පළමු අදියර ද ජයග‍්‍රහණය කළ බුද්ධික වර්ණකුලසූරියගේ සමස්ත තරග දක්ෂතාවය සටහන් වූයේ පැය 6 යි විනාඩි 45 යි තත්පර 36 ක් ලෙසයි. ශ‍්‍රී ලංකා නාවික හමුදා බී කණ්ඩායම නියෝජනය කළ කි‍්‍රශාන් මධුශංක පැය 6 යි විනාඩි 46 යි තත්පර 14 කින් නිම කරමින් සමස්ත තරගයේ දෙවන ස්ථානය දිනා ගත්තා. ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ තුන්වන ස්ථානය ශ‍්‍රී ලංකා යුධ හමුදා සී කණ්ඩායම නියෝජනය කළ තුෂාන් චන්දන දිනා ගත්තේ පැය 6 යි විනාඩි 46 යි තත්පර 14 ක දක්ෂතාවයක් දක්වමින්. ඊයේ (29) කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ වූ ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ පළමු අදියර මහනුවරින් අවසන් වුණා. දෙවන අදියර පැවැත්වුණේ මහනුවර සිට මාතලේ - දඹුල්ල හරහා මාවතගම දක්වායී. සමස්ත තරගය පිළිබඳව තොරතුරු ගෙන එන හිරු කී‍්‍රඩා අංශයේ වින්දන ප‍්‍රසාද් කරුණාරත්න.
