හොං කොං - චීන පාලනයේ 15 වන වසර සමරයි.
2012 ජූලි 01 ඉරිදා- පස්වරු 01:11
අනූනම අවුරුද්දකට බ්‍රිතාන්‍යයට බදු දී නැවත චීන පාලනයට යටත්වූ නව හොං කොං දේශයේ පහළොස්වන සංවත්සරය අද පැවැත්වෙනවා. චීන ජනාධිපති හූ ජින්තාවෝ එම සැමරුම් උත්සවවල ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීම විශේෂත්වයක්. හොං කොං දේශයේ නව නායකයා ලෙස ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන සී. වයි. ලියුන් බලයට පැමිණීමද එහි 15 වන සංවත්සරයට සමගාමීව සිදුවුණා. කෙසේ නමුත් හොං කොං වාසීන් පවසන්නේ ඔහු චින කොමියුනිස්ට් පාලනයේ අතකොළුවක් බවයි. හොං කොං හි පාලකයා තෝරාගන්නා මැතිවරණ සභාවට ඇතුළත් වන්නේ චීන හිතවාදී ව්‍යාපාරික නායකයන් 1200 දෙනෙකු විසිනුයි. චීනය විසින් නැවත පවරාගනු ලැබූ හොං කොං හී පැවති පාලනය ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වනවා. ඒ එක රටක් - පාලන ක‍්‍රම දෙකක් යන සංකල්පය යටතේයි. කෙසේ නමුත් සංවත්සරය සඳහා සහභාගිවීමට පැමිනි චීන ජනාධිපතිවරයාට හොං කොං වාසීන්ගෙන් විරෝධතා එල්ලවූ බවද සඳහන්. විරෝධතා කරුවන් විසුරුවා
