ශ‍්‍රී ලාංකිකයින්ගේ ෆ‍්‍රෑන්ක් මිලියන 85 ක් ස්විස් ගිණුම්වල.
2012 ජූලි 01 ඉරිදා- පස්වරු 01:34
ශ‍්‍රී ලාංකිකයන් විසින් පසුගිය 2011 වසරේදී ස්විස් ෆ‍්‍රෑන්ක් මිලියන 85 ක් ස්විස් බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙනවා. ලොව ස්ථාවරම විනිමය වර්ගයක් ලෙස සැළකෙන ස්විස් ෆ‍්‍රෑන්ක් හි වටිනාකම ඇමරිකානු ඩොලරයට වඩා සුළු වශයෙන් ඉහළයි. එමෙන්ම රහසිගත බැංකු ගිණුම් පවත්වාගෙන යාම සඳහා ස්විස් බැංකු ලෝක ප‍්‍රකටයි. කෙසේ නමුත් සිය බැංකුවල විදේශීය ආයෝජකයන් තැන්පත් කරන මුදල් සම්බන්ධයෙන් ස්විසර්ලන්ත මහ බැංකුව වාර්ෂික වාර්තාවක් නිකුත් කරනවා. ඒ අනුව ශ‍්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී එම බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති මුදල ස්විස් ෆ‍්‍රෑන්ක් මිලියන 85 කට අධිකයි. මීට අමතරව පසුගිය වසර 10 ක කාලයක තුළ ශ‍්‍රී ලාංකිකයන් විසින් ස්විස් බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති මුදල්වල වටිනාකම ස්විස් ෆ‍්‍රෑන්ක් මිලියන 910.3 ක්.
