යුරෝපා සංගමයේ ඉරාන තෙල් තහනම අද සිට.
2012 ජූලි 01 ඉරිදා- පස්වරු 01:41
ඉරාන න්‍යෂ්ටික වැඩපිලිවෙල නතර කිරීම ඉලක්ක කරගනිමින් යුරෝපා සංගමය විසින් ඉරානයට පනවා ඇති තෙල් තහනම අද සිට ක‍්‍රියාත්මකයි. ඇමරිකාව විසින්ද ඉරානයට එරෙහිව එවැනි තහනමක් ක‍්‍රියාත්මක කරනු ලබනවා. මේ හේතුවෙන් ඉරානය විසින් මැයි මාසයේදී අපනයනය කරනු ලැබූ තෙල් ප‍්‍රමාණය දිනකට බැරල් මිලියන 1.5 දක්වා පහත වැටී ඇති බව සඳහන්. ඊට පෙර ඉරානය විසින් දිනකට තෙල් බැරල් මිලියන 2.2 ක් පමණ අපනයන කරනු ලැබුවා. කෙසේ නමුත් ඉරාන තෙල් අමාත්‍ය රොස්ටම් කසේමි කියා සිටියේ මෙම තහංචි හේතුවෙන් ඉරානය සහ බටහිර බලවතුන් අතර පැවැත්වෙන සාකච්ඡා අඩාලවනු ඇති බවයි.
