දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයට වැස්සෙන් බාධා.
2012 ජූලි 01 ඉරිදා- පස්වරු 06:43
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය අදයි. පළමුව පන්දුවට පහර දෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම අයහපත් කාලගුණ තත්ත්වය නිසා තේ පානයට පෙර තරගය නතර කර දැමීමට සිදුවුණා. ඒ වන විට පාකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 4ක් දැවී රැුස් කළ ලකුණු සංඛ්‍යාව 488ක්. පාකිස්තාන ඉනිම වෙනුවෙන් මොහොමඞ් හෆීස් ලකුණු 196ක් රැුස් කළ අතර, අසාර් අලි ලකුණු 157ක් ද, තවුෆික් උමාර් ලකුණු 65ක් පාකිස්තානු ඉනිමට එකතු කළා. පන්දු යැවීමේ දී ශ‍්‍රී ලංකා පිළේ රංගන හේරත් ලකුණු 143කට කඩුලූ 2ක් බිඳ හෙලූවා.
