අයි.එම්.එෆ්. ඉලක්ක ජය ගත්තා.
2012 ජූලි 01 ඉරිදා- පස්වරු 06:46
ජුලි මස අග භාගය වන විට ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් ඉලක්ක සපුරාගෙන ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. ඔහු කියා සිටියේ මූල්‍ය අරමුදල ලබාදුන් ආර්ථික ඉලක්ක සහ සංචිත සම්බන්ධයෙන් වන ඉලක්ක ද ලක් රජය විසින් සපුරාගෙන ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය අවසන් ණය වාරිකය ලබාදීමට පෙර ඔවුන් විසින් ලබාදුන් ඉලක්ක ශ‍්‍රී ලංකාව සපුරාගෙන ඇද්දැයි යන්න පිළිබද සොයා බැලීම සඳහා පර්යේෂණ කණ්ඩායමක් දිවයිනට පැමිණියා. සති දෙකක පරීක්ෂණවලින් පසුව පසුගිය 15 වැනිදා ඔවුන් කියා සිටියේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වූ ඉලක්ක ඉටු කිරීම පිළිබදව සතුටු වන බවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාව පිළිබදව සෑහිමකට පත්වන්නේ නම් ඇමරිකානු ඩොලර් මිලියන 420ක අවසන් ණය වාරිකය ජුලි මස මැද සතියේ දී ශ‍්‍රී ලංකාවට ලබාදෙනු ඇති.
