Hirunews Logo
%E0%B7%86%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.
Sunday, 01 July 2012 - 18:47
ෆුකුෂිමා බලාගාරයට ජපාන වැසියන්ගේ විරෝධය.
4

Shares
543

Views


 

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය නැවත පණ ගැන්වීමට එරට රජය තීරණය කර තිබෙනවා. මේ වන විටත් ඊට අදාළ නව උපකරණ සහ ශ්‍රමික පිරිස් රැස් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් බලාගාරය අවට විශාල ජනතාවක් රැදී සිටිමින් ඊට විරෝධය පළ කරනවා. ඔවුන් සඳහන් කරන්නේ බලාගාරය නැවත එම ස්ථානයේ පිහිටුවීම නතර කරන ලෙසයි. කෙසේ වෙතත් පසුගිය මාසයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නියත වශයෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය සක්‍රීය කරන බවයි. 2011 වසරේ මාර්තු මාසයේ ඇති වූ සුනාමි තත්ත්වයක් හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරයට දැඩි ලෙස  හානි වුණා. ඒ හේතුවෙන් එහි විකිරණශීලී ද්‍රව්‍ය පිටතට පැමිණීමෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
861 Views
12,483 Views
4,996 Views
2,742 Views
1,223 Views
8,824 Views
Top