තුර්කි ප‍්‍රහාරක යානා සිරියානු ගුවන් සීමාවේ.
2012 ජූලි 02 සඳුදා- පෙරවරු 07:45
තුර්කියට අයත් එෆ්. 16 වර්ගයේ ප‍්‍රහාරක යානා 6 ක් සිරියානු ගුවන් සීමා ආසන්නයට පැමිණ තිබෙනවා. ඒවා සිරියානු හෙලිකොප්ටර් යානා විසින් නිරීක්ෂණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අවස්ථා 3 කදී පමණ මෙම ප‍්‍රහාරක යානා සිරියානු ගුවන් සීමා ආසන්නයට පැමිණ තිබීමද විශේෂත්වයක්. පසුගිය සතියේ සිරියානු ගුවන් සීමාවට ඇතුළු වූ තුර්කි ප‍්‍රහාරක යානයකට සිරියානු හමුදා ප‍්‍රහාර එල්ල කර විනාශ කර දැමුවා. එම සිද්ධියත් සමග දෙරට අතර යම් උණුසුම් වාතාවරණයක් ඇතිවී තිබෙනවා. සිරියාවේ මාස 16 කට ආසන්න කාලයක් පවතින ගැටුම් හේතුවෙන් පළා ගිය 30000 ක් පමණ මේ වනවිට තුර්කියේ රැඳී සිටින බවද විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළා.
