ඉන්දීය ආධාරවලින් ඇ. ඩො. මිලියන 740 ක් ලැබේ.
2012 ජූලි 02 සඳුදා- පස්වරු 12:31
ඉන්දියානු රජය විසින් 2012 වසර සඳහා ශි‍්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දු වූ ණය ආධාර මුදල වන ඩොලර් මිලියන 1015 න් මිලියන 740 ක් මේ වනවිට ලබාදී තිබෙනවා. ඉන් මිලියන 275 ක් උතුරු නැගෙනහිර සහ කඳුකර ප‍්‍රදේශවල සංවර්ධන වැඩසටහන් සඳහා වැයකර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. මීට අමතරව ජපානය විසින් 2012 වසර සඳහා ඩොලර් මිලියන 175 ක්ද, නෙදර්ලන්තය සහ චීනය විසින් ඩොලර් මිලියන 102 ක්ද ශ‍්‍රී ලංකාවට ණය ආධාර වශයෙන් ලබා දීමට නියමිත බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.
